2018.09.09 දින කිරිඳිවැල ප්‍රදේශයේ විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සම්බන්ධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවශ්‍ය කර සිටි සැකකාරියක් ඊයේ (07) දින දහවල් කිරිඳිවැල පොලිස් වසමේ නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 49 ක් වන නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මරණකරුගේ බිරිඳ වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.













