ඊයේ (07) රාත්රී ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලක්සඳ සෙවණ, සාලමුල්ල ප්රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් කිලෝග්රෑම් 02 ග්රෑම් 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 24 ක් වන ලක්සඳ සෙවණ, සාලමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.














