හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 5 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
ඒ මෙම නඩුව අද (07) අද කොළඹ මහාධිකරණ විනිසුරු රසන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.
අල්ලස් කොමිෂමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මඟ පෙන්වීම යටතේ ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා මහතා මහාධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේය.














