අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (04) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ පෞද්ගලික සමාගමක හිමිකරුවෙකු වන හේමන්ත ලලිත් ද සිල්වා මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ඇප නියම කරන ලදී.
සැකකරුවන් දෙදෙනා රුපියල් මිලියන 2.5 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හරින ලද අතර, සැකකරුවන් දෙදෙනාටම විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම නඩුව නොවැම්බර් 17 වන දින යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.















