පසුගිය දා හදිසියේ අභාවප්‍රාප්ත වූ ප්‍රකට නිරූපිකාවක් වන චුලාපත්මේන්ද්‍ර කුමාරපතිරණගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික අවමංගල්‍ය ශාලාවකට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
46 වැනි වියේ පසුවන ප්‍රසිද්ධ නිරූපිකාවක් වන ඇය පසුගිය දා (අගෝස්තු 31) පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් මත මියගොස් සිටිය දී සොයා ගන්නා ලද බව පිළියන්දල පොලිසිය පැවසුවේය.
ඇයගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිදු කරන ලද අතර මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලැබුණේය. එහි දී ප්‍රකාශ වූයේ ඇගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොලැබුණ බවයි.
මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනයේ කොටසක් ලෙස වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ දේහයේ සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බව ද පොලිසිය පැවසුව්ය.














