උපයන විට ගෙවීම බද්ද හේතුවෙන් මහජනතාව මුහුණ දෙන අධික බරට පිළියම් යෙදීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කළේය.
අද (02) දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වෙමින් ජනපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනෙකුත් දියුණු රටවලට සමාන මට්ටමකට සංවර්ධනය කළ යුතු බව ද ඔහු පැවසුවේය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු යන මහත්වරු මෙම සමුළුවට සහභාගී වූහ.














