ප්‍රියංකර පෙරේරාගේ ආදාහන කටයුතු හෙට – දේහය බොරැල්ලේ අවමංගල්‍ය ශාලාවකට

හදිසියේ අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායකයෙකු සහ නළුවෙකු වන ප්‍රියංකර පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (3) බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.

ප්‍රියංකර පෙරේරා  (64) අසනීප තත්ත්වයකින් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය අද (2) පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික අවමංගල්‍ය ශාලාවකට ගෙන එනු ලැබීය.

සුප්‍රසිද්ධ ගායක ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website