ඊයේ (31) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටව ගිය බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ඊයේ සිය නිවෙස්වලින් පිටව ගිය මෙම සිසුවියන් තිදෙනා ආපසු නිවෙස් වලට නොපැමිණි බවට දෙමාපියන් විසින් බලංගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.
අතුරුදන් වූ සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස බලංගොඩ පොලිසිය සහ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
- බලංගොඩ පොලිස් ස්ථානය: 045-2287222
- දෙමාපියන්ගේ දුරකථන අංක: 076-7070913 / 077-1658788















