22ට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ඉහළ දැමීමට යෝජනා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම් පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් විභාගය අද (01) පෙරවරුවේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම කළේය.

තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරු පිරිසක්  විසින් ද මෙම ඉල්ලීම කළේය.

මේ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඬුල්ලක විනිසුරුවරු සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන බව පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය තීරණය ලබාදීම මෙලෙස කල්තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website