එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරරු සොයා ගැනේ

ඊයේ (30) පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගත් බව පොලිසිය පවසයි.

දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ වයස අවුරුදු 35ක කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙකු බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website