මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

2026.08.28 වන දින කටාන පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සිදුකළ සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු 2026.08.29 වන දින දළුවකොටුව, ෆාතිමාවත්ත සහ කුරණ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන කටාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 47 හා 49 වයස්වල පසුවන කදිරාන, ඒත්තුකාල සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

කටාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website