ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර අද: රථවාහන ගමනාගමනයට සීමා

ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත ඇසළ මහා පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම.

ගොතටුව පොලිස් වසමේ මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර අද (30) දින සවස 06. 30 සිට විථි සංචාරය කිරීමට නියමිතව ඇත. ඒ හේතුවෙන් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ලබයි.

පෙරහර ගමන් ගන්නා මාර්ගය

මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර මහනියර හන්දියෙන් 175 බස් මාර්ගය ඔස්සේ, බුත්ගමුව පාර, අඹගහහන්දිය, කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කර රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ, MDH ජයවර්ධන මාවත ඔස්සේ ගමන් කර විහාරස්ථානයට පිවිසීමට නියමිතය.

එම හේතුවෙන් පෙරහර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ග භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග –

  • මාදින්නාගොඩ විහාරස්ථානයේ සිට මහනියර හන්දිය දක්වා පෙරහර ගමන් කරන අවස්ථාවේදී මහවත්ත හන්දියෙන් හැරී ඇල්හේන පාර, බෝගහ හන්දිය, IDH හන්දිය දෙසට ගමන් කල හැකිය.
  • මහනියර සිට අඹගහ හන්දිය දක්වා පෙරහර ගමන් කරන අවස්ථාවේදී IDH හන්දිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website