ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (31) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයින් තිදෙනෙකු ඔහුගේ දේශපාලන කටයුතුවලට යොමු කිරීම හේතුවෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදු වූ බවට කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිෂම පැවසුවේය..














