22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) සලකා බැලීමට නියමිතය.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන පෙත්සම් සලකා බැලීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලට අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් ඇතුළත් වේ.











