කලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (24) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.










