ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
ඒ අනුව රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 399කි.
රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 475කි.
ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පහළ දැමීමට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද පියවර ගෙන ඇත.
ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 399කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 475කි.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය නොකිරීමට ද IOC පියවර ගෙන තිබේ.
මේ අතර, සයිනොපෙක් සමාගම ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පෙට්‍රල් මිල ගණන් සංශෝධනය කර ඇත.
ඒ අනුව සයිනොපෙක් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 399කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 475කි.














