කඩුගන්නාව වැලමිටි වංගුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

කොළඹ – නුවර මාර්ගයේ පහල කඩුගන්නාව වැලමිට වංගුව ප්‍රදේශයේ දී අද (30) දින මහනුවර දෙස සිට කෑගල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක, ඊට පිටුපසින් එම දිසාවටම ධාවනය වූ බස් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පැදිකරු සහ පසුපැදිකාරිය තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 28ක් වන ඌරාපොල, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුර සිදුකල බස් රථය අනතුරින් පසු පලාගොස් ඇති අතර විමර්ශන නිලධාරීන් විසින් CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකර අදාල බස් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 2026.08.31 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website