තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබ තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඊයේ (28) රාත්රී තංගල්ල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 35 ක් වූ මහගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 28 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













