පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කරයි: පොලිස් වාර්තා නැවත Online හරහා පුළුවන්

පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බවත්  ඒ අනුව එම වාර්තා ඉල්ලුම්පත් නැවත පෙර පරිදි ඉදිරිපත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (22) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සහන් වේ.

පසුගිය 20 වැනිදා ප.ව 12.50 සිට දත්ත පද්ධතිය නිෂ්ක්‍රීය වීම හේතුවෙන් clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනය මගින් තාවකාලික ක්‍රමවේදය අනුගමනය කරමින් ඉල්ලුම්පත් යොමු කිරීමේ අවස්ථාව සලසා දී තිබුණ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.

මෙම තාවකාලික විද්‍යුත් ලිපිනය හරහා ඉල්ලුම්පත් යොමු කළ සියලුම අයදුම්කරුවන් පද්ධතිය යථාවත් වූ පසු පෙර පරිදි අදාළ ගෙවීම් සිදුකර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website