මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සහාය වන ලෙස කොම්පඤ්ඤවීදිය පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

2026.08.03 දින කොම්පඤ්ඤවීදියේ පොලිස් වසමේ ප්‍රසිද්ධ හෝටලයකට පැමිණි පුද්ගලයෙකු සුහදශීලීව තමා පුද්ගලික බැංකුවක නිළධාරියෙකු බවට හඳුන්වා දෙමින් රාත්‍රී භෝජන සංග්‍රහයකට පිරිසක් පැමිණෙන බවට දන්වා එම හෝටලයෙන් විශාල වශයෙන් ආහාරපාන වර්ග ඇණවුම් කර ඇත.

අනතුරුව හෝටලයේ කාර්යමණ්ඩලය කාර්යබහුල වන අවස්ථාවේ එම පුද්ගලයා විසින් හෝටලයේ භාණ්ඩ සොරකම් කර පලා ගොස් ඇත.

කොම්පඤ්ඤ වීධිය පොලිස් ස්ථානය විසින් සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරු මීට පෙර කුරුඳුවත්ත, පෑලියගොඩ හා නුගේගොඩ යන පොලිස් වසම් තුළද මෙවැනි ආකාරයට සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භකර තිබේ.

සැකකරුගේ ඡායාරූපය නිරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා සහය විය හැකි යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.

දුරකතන අංක –

  • ස්ථානාධිපති / කොම්පඤ්ඤවීදිය – 071 8591561
  • පොලිස් ස්ථානය කොම්පඤ්ඤවීදිය – 011 2433829

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website