කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය කල්පිටිය අතුරු කුඩාව ප්‍රදේශයේදී කල්පිටිය දෙස ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා එහි ගමන් ගත් කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
ඊයේ (16) සිදු වූ මෙම අනතුරෙන් මරණයට පත් වූයේ අවුරුදු 06 හා 40 වයස්වල පසුවන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












