මාදම්පේ පොලිස් වසමේ කාක්කපල්ලිය මැදගම මාර්ගයේ තඹගල්ල ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේදී කාක්කපල්ලිය දෙස සිට මැදගම දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇත.
මරණකරු අවුරුදු 25 ක් වූ විරකොඩියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් ජනනය කළ ඡායාරූපයකි – සංස්කාරක












