ආණ්ඩුව ඉතාම හොඳින් ජනතාවගෙන් බදු අය කර ගැනීම නම් කර ගෙන යනවා. නමුත් බදු මුදල් එකතු කිරීම පමණක් රටේ සංවර්ධනය ලෙස සැලකිය නොහැකියි. ආණ්ඩුවක් කියන්නේ අය සහ වැය. ඒ කියන්නේ ආණ්ඩුව බදු, ආධාර හෝ ණය වශයෙන් ලබා ගන්නා මුදල් වියදම් කිරීම තුළින් තමයි රටේ ආර්ථික සංවර්ධනය සිද්ධ වෙන්නේ, ජනතාවගේ අතට, ව්‍යාපාරිකයින්ගේ අතට මුදල් යන්නේ
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාව (CoPF) විසින් පසුගිය දා වාර්තාවක් නිකුත් කළා. ඔබත් එහි සාමාජිකයෙක්. මේ වාර්තාවේ සොයා ගැනීම් සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
මහා භාණ්ඩාගාරයෙන් ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව නිර්මාණය වුණේ. මේ අනුව රාජ්‍ය මුදල් කාරක සභාව තමන් සතු බලතල අනුව මේ සම්බන්ධයෙන් ගැඹුරු සොයා බැලීමක්, විමර්ශනයක් කළ පසු එහි වාර්තාව පසුව දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් යළි සිහිපත් කිරීමක් කළොත්, 2025 දෙසැම්බර් 31 වැනිදා දක්වා රාජ්‍ය ණය ගෙවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවට. නමුත් පසුගිය 2026 ජනවාරී 01 වැනිදා සිට එම වගකීම සම්පූර්ණයෙන් මුදල් අමාත්‍යාංශය අතට පත්වෙනවා, නමුත් එය සිදු විය යුතු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ වගකීම මුදල් අමාත්‍යාංශයට මාරු වීමෙන් පසු යම්කිසි සංක්‍රාන්ති කාලයක් තිබුණා. මෙම කාලය තුළ මුදල් අමාත්‍යාංශය දැනුවත් කරමින් අදාළ විදේශ ණය ගෙවීමේ කටයුතු සිදු වුණා.
මේ වෙනස ඇති වන කාලය තුළ තමයි මේ ණය ගෙවීම සහ එය තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සිදුවෙන්නේ. මේ ප්‍රශ්නය කුමක් ද කියලා මේ වන විට අපි සියලු දෙනාම දන්නවා. නමුත් මෙහි දී ඒ ගැන යළි කෙටි පැහැදිලි කිරීමක් කළොත් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් ණයට දෙනවා. ඒ ණය ගෙවිය යුතු වන්නේ කොටස් 10ක වාරික වලින්. ඒ කියන්නේ මාසිකව ඩොලර් මිලියන 2.5ක් බැගින්. මේ ණය ගෙවිය යුතු වන්නේ 2025 නොවැම්බර් මාසයේ සිට 2026 ජනවාරී 13 වැනිදා දක්වා. මේ කාලය තුළ ඩොලර් 2.5ක් ගෙවීමට සිදු වෙනවා. මේ ගෙවිම සිදු වුණ ආකාරය තමයි අපි සියලු දෙනාම විස්මයට පත් කළේ.
මේ අතර ඕස්ට්‍රේලියානු සමාගමක් කියනවා, මෙන්න මේ මුදල් ප්‍රමාණය ගෙවන්න තිබෙනවා, කරුණාකරලා ඒක මෙන්න මේ ආකාරයට ගෙවන්න කියලා. මේ ගෙවන්න කියන මුදල් ප්‍රමාණය අවසානයේ දී ඔවුන් වෙනස් කරලා තියෙනවා වෙනත් බැංකුවකට. ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල අවසානයේ අපි ගෙවන්නේ එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ Minneapolis හි ගිණුමකට. මේක තමයි මෙතන තිබෙන ලොකුම ප්‍රශ්නය. මේ ආකාරයේ වෙනත් ගිණුමකට මෙතරම් මුදලක් ගෙවීම් කරන විට ඒ ගැන කවුරුත් සොයා බැලුවේ නැද්ද කියන ප්‍රශ්නය තමයි මෙතන තියෙන්නේ. ආණ්ඩුවේ ණය කළමනාකරණය කරන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (Department Of External Resources. ඊට පස්සේ ඒකේ පිටපතක් ශ්‍රී ලංකා මහ බැංකුවට යනවා. මේක ගෙවන්නේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. 2025 දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒක ගෙවලා තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. නමුත් 2026 නව වෙනස්කම් අනුව ඒ වගකීම මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට (Public Debt Management Office) එනවා.
මේ සම්බන්ධයෙන් හැම දෙනාම අහන ප්‍රශ්නය තමයි, ‘මේ ඕස්ට්‍රේලියාවේ සමාගම වැරදි ඊමේල් එකකින් වැරදි ගිනුම් අංකයකින් තොරතුරු එවනවා. (සමාගම් දෙකේ නම සමානයි) නමුත් මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය කිසිම ආකාරයකින් මේ ගිණුම් අංකය හෝ ඊමේල් ලිපිනය සත්‍යාපනය කර නොගෙන මුදල් ගෙව්වේ කොහොමද ? කියන එක. මෙන්න මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇයි මේක අත්සන් කළ ගිවිසුමත් සමඟ සන්සන්දනය නොකළේ ?, මේ ගිනුම් අංකය වෙනස් වුණා නම් ඇයි මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මුදල් අමාත්‍යාංශයෙන් හෝ විදේශ අමාත්‍යාංශයෙන් මේ වෙනස් වීම ගැන විමසීමක් නොකළේ ?, මහ බැංකුව මේ ගෙවීම සහ ගිනුම් අංකය වෙනස් විම ගැන ස්වාධීන සත්‍යාපනයක් නොකළේ ඇයි ? කියන ප්‍රශ්න රාජ්‍ය ගිනුම් කාරක සභාවට තිබුණා.
මෙය යළි සාරාංශ කළෛාත්, ඕස්ට්‍රේලියානු රජය 2023 දී ශ්‍රී ලංකාවට ණයක් දෙනවා, 2025 දී ඒ ණය මුදලට අදාළ පොළිය ගෙවීමට තිබෙනවා, ඊට පස්සේ අදාළ ණය වාරිකය ලැබුණේ නැහැ කියලා 2026 මාර්තු 21 වැනිදා ඕස්ට්‍රේලියාවෙන් දැනුම් දීමක් කරනවා. නමුත් මේ දැනුම් දීම කරන මොහොත දක්වා කවුරුත් දන්නේ නැහැ මේ මිලියන 2.5 ගෙවලා තියෙන්නේ වැරදි ගිණුමකට කියලා.
ඕස්ට්‍රේලියානු ආණ්ඩුව කියනවා, ‘ඇයි ඔයාලා මේ ණය වාරිකය ගෙව්වේ නැත්තේ ? ’ කියලා. එතකොට තමයි කවුරුත් හොල්මන් වුණේ. මුදල් අමාත්‍යාංශය කියනවා, ‘අපි අදාළ වාරිකය ගෙව්වා’ කියලා. මේක සැහැල්ලුවෙන් ගන්න බැහැ. අපි ණය ගෙවීමට නොහැකියාව නිසා බංකලොත්භාවය ප්‍රකාශ කළ රටක්. ඒ අපවාදයෙන් ගැළවිලා ගියේ මාස කිහිපයක් පමණයි. මෙන්න දැන් ණය ගෙවීම පැහැර හැරලා තිබෙනවා. මේක ඇත්තටම බරපතළ තත්ත්වයක්. මේ හරහා ‘ශ්‍රී ලංකාව ණය ගෙවිම පැහැර හැරලා’ කියලා වැරදි අර්ථකථනයක් ලෝකයට යනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය යන ප්‍රධාන ආයතන දෙකම මේ ගෙවීම ගැන සොයා බැලීමක් කරලා නැහැ. මේ ආයතන දෙකේම දුර්වලතා මේ ගැටලුවට හේතු වුණ බව කෝප් කමිටුව සිය වාර්තාවේ සඳහන් කරනවා. ඒ වගේම සුපරික්ෂාකාරීව මේ ආයතන කටයුතු නොකිරීම සම්බන්ධව අපි දෙපාර්ශ්වයටම දෝෂාරෝපණය කරලා තිබෙනවා. මේකට ප්‍රතිචාරීව මුදල් අමාත්‍යාංශය කියනවා, ඔවුන් සතු පරිගණක මෘදුකාංග පැරණි ඒවා කියලා

- රාජ්‍ය මුදල් කාරක සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ මොනවා ද ?, මේ සම්බන්ධ වගකීම කාට ද බැර වෙන්නේ ?
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය යන ප්‍රධාන ආයතන දෙකම මේ ගෙවීම ගැන සොයා බැලීමක් කරලා නැහැ. මේ ආයතන දෙකේම දුර්වලතා මේ ගැටලුවට හේතු වුණ බව කෝප් කමිටුව සිය වාර්තාවේ සඳහන් කරනවා. ඒ වගේම සුපරික්ෂාකාරීව මේ ආයතන කටයුතු නොකිරීම සම්බන්ධව අපි දෙපාර්ශ්වයටම දෝෂාරෝපණය කරලා තිබෙනවා. මේකට ප්‍රතිචාරීව මුදල් අමාත්‍යාංශය කියනවා, ඔවුන් සතු පරිගණක මෘදුකාංග පැරණි ඒවා කියලා. නමුත් ඒ පිළිතුර මේ වංචාවට ලඝු කරන්න බැහැ. මේ ගැටලුව අවුරුදු කිහිපයක් තිස්සේ තිබුණ එකක්. අවුරුදු 76ක් කිසිම ප්‍රශ්නයක් ඇති නොවුණ තත්ත්වයක් මේක ඇත්තටම ගැටලුකාරී තත්ත්වයක්. මේක මහා භාණ්ඩාගාරයේ සිදු වුණ තනි සිදුවීමක් නොවෙයි, එක්සත් ජනපද තැපෑල ඇතුළු සිද්ධි ගණනාවක් මේ හා සමාන සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වුණා.
- මේ සිදුවීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සියදිවි නසා ගත්තා. ඒ වගේම බරපතළ දේශපාලන ආන්දෝලනයක් ඇති කළා. මෙවැනි පසුබිමක් තුළ වාර්තාවක් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් ද ?
මේක වෙනත් ආණ්ඩුවක් යටතේ සිදු වුණා නම් ජනතා විමුක්ති පෙරමුණ, අනුර කුමාර දිසානායක කටයුතු කරන ආකාරය බලා ගන්න තිබුණා. එහෙම වුණා නම් මේකට උඩ පැන පැන ගහනවා. රට පෙරළනවා. ශ්‍රී ලංකා මහ බැංකුව වේවා, මුදල් අමාත්‍යාංශය වේවා මේ වගකීම භාර නොගත්තත් අවසානයේ කවුරු හරි මේ රටේ ජනතාවගේ ඩොලර් හොරා කාලා තිබෙනවා.
රජයේ මුදල් කාරක සභාවේ වාර්තාව ආණ්ඩුව සහනයක්, වාසිදායකයි කියලා විවේචනයකුත් තිබෙනවා නේද ?, කමිටු සමාජිකයෙකු ලෙස ඔබට මේ චෝදනාවට පිළිතුරක් තිබෙනවා ද ?
මේක ආණ්ඩුව කළා කියලා අපි කිසිසේත් චෝදනා කරලා නැහැ. ඉතාම පැහැදිලිව මේ සිද්ධියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වගකිම පැහැර හැරලා තිබෙනවා, ඒ වගේම මුදල් අමාත්‍යාංශය මීට වඩා පරිණත ආකාරයට කටයුතු කළ යුතු බව අපි කියනවා. මේ සොරකමට මේ ආයතන දෙකම වගකිව යුතු බව අවසානයේ නිගමනය කරලා තිබෙනවා.
- පසුගිය ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වගකීමක් හෝ වගවීමකින් කටයුතු නොකළ බවට ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මේ සිද්ධියේ දීත් මේ ආයතන දෙකම වගවීමකට බැදෙන්නේ නැහැ නේද ?, රටේ මූල්‍ය පාලනය හා කළමනාකරණය භාරව සිටින මේ ආයතනවලට වගවීමක් නැද්ද ?
මේක තමයි අපිත් කියන්නේ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයත් ඒකයි. මේ ආයතන දෙකට වගවීමක් නැද්ද කියලා බොහෝ දෙනෙක් අහනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා ඔවුන් පාර්ලිමේන්තුවට වගකියන්නෙත් නැහැ, වගවිමකුත් නැහැ. ස්වාධීන ආයතනයක් වශයෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණ විට ‘මම දන්නේ නැහැ’ කියලා වැඩක් නැහැ. ඔවුන්ට කළ යුතු වැඩ ගණනාවක් තිබුණා. මේ ගැන කටයුතු කරන ආයතනවලට නිසි පරිදි දැනුම්දීමක් කරලා නැහැ. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන අංශයක් මහ බැංකුවේ තිබෙනවා. මෙවැනි සිදුවීමක් වූ වහාම මහ බැංකුවේ වගකීම තමයි අදාළ විමර්ශන අංශ වෙත මේක භාරදීම. නමුත් ඒක වෙලා නැහැ. මහ බැංකුව කියනවා, ‘ඔවුන් ආණ්ඩුවේ බැංකුව ලෙස කටයුතු කරන නිසා මේ සිදුවීමට වගකිව යුතු නැහැ’කියලා.
මේ සිදුවීම හේතුවෙන් GSP+ තීරු බදු සහනයට විශාල බලපෑමක් වෙනවා. මීට පෙර අවස්ථා කිහිපයක දී මෙවැනි සිදුවීම් සිදු වුණා. ඒ අවස්ථාවේ දී රටට බරපතළ දෝෂාරෝපණයක් එල්ල වුණා. මේ සිදුවීම ඊටත් වඩා දරුණු තත්ත්වයක් ලෙස සැලකීමට යුරෝපා සංගමයට සිදු වේවි. මේ සම්බන්ධයෙන් යම්කිසි වාදයකට පැටලීම රටට හානිකරයි කියලා මම හිතනවා.

- කෝප් කමිවුට මේ ගැන ප්‍රශ්න කළා ද ?
ඔව්, අපි ඇහුවා කවුද මේ සිදුවීමට වගකිව යුතු කියලා. මේකට වගකිව යුතු ජනතාව ද ? කියලා අපි ඇහුවා. මේක තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් තිබෙන බරපතළම ප්‍රශ්නය. මට මේ ගැන විශාල කණස්සල්ලක් තිබෙනවා. මේ සිදුවීමේ වගකීම කිසිම ආයතනයක් භාර ගන්නේ නැහැ. නමුත් මගේ අදහස නම් මේකේ වැඩි වගකීමක් තිබෙන්නේ මහ බැංකුවට. ඒකට හේතුව තමයි මේ දක්වා දීර්ඝ කාලයක් ඔවුන් මේ ක්‍රියාවලිය මෙහෙයවා තිබෙනවා. ඒ නිසා සංක්‍රාන්ති කාලයක මීට වඩා සුපරික්ෂාවක් ඔවුන් වෙතින් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඔවුන් ඒක කරලා නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව තමන් 76 වසරක් පුරා දැරූ වගකීමක් මුදල් අමාත්‍යාංශයට භාර දෙන විට මීට වඩා සුපරික්ෂාකාරී විය යුතුව තිබුණා කියලා මට හිතෙනවා.
- ඔබ හිටපු මුදල් අමාත්‍යවරයෙක්, වෙළෙඳ අමාත්‍යවරයෙක් වගේම විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයෙක් ලෙස ඉතාම පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. ඔබගේ අත්දැකීම සහ දැනුම අනුව මේ වන විට රටේ ආර්ථික තත්ත්වය කොහොමද ?
ආණ්ඩුව ඉතාම හොඳින් ජනතාවගෙන් බදු අය කර ගැනීම නම් කර ගෙන යනවා. නමුත් බදු මුදල් එකතු කිරීම පමණක් රටේ සංවර්ධනය ලෙස සැලකිය නොහැකියි. ආණ්ඩුවක් කියන්නේ අය සහ වැය. ඒ කියන්නේ ආණ්ඩුව බදු, ආධාර හෝ ණය වශයෙන් ලබා ගන්නා මුදල් වියදම් කිරීම තුළින් තමයි රටේ ආර්ථික සංවර්ධනය සිද්ධ වෙන්නේ, ජනතාවගේ අතට, ව්‍යාපාරිකයින්ගේ අතට මුදල් යන්නේ. ආර්ථික වර්ධනයක් නොවන විට සියලුම ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී සහ දුර්වල විම සිදුවෙනවා, උද්ධමනය ඇති වෙනවා, රුපියල බාල්දු වෙනවා. ජනතාවගේ ක්‍රය ශක්තිය හීන වෙනවා, විදේශ ණය, ආනයන මිල ගණන් ඉහළ යනවා. රුපියල් තිබුණට ඇති වැඩක් නැහැ. ආර්ථිකයක ස්ථාවරත්වය මනින්නේ ඩොලර් ආදායම මඟින්. මේ පසුබිම තුළ රජය සතු ඩොලර් ප්‍රමාණය, විදේශ සංචිත ක්‍රමයෙන් ක්ෂය වෙනවා. මේක ක්‍රමිකව ආර්ථික අර්බුදයක් දක්වා ගමන් කරනවා.
- ලංකාව සතු විදේශ සංචිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කර ඇති ඉලක්කය කරා ගමන් කරන්නේ නැහැ නේද ?, විදේශ සංචිත සරල රේඛාවක් දිගේ ගමන් කරන බවක්, වර්ධනය නොවන බවක් නේද පේන්න තියෙන්නේ ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2026 වර්ෂය අවසානය වන විට අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 8.9ක් විය යුතුයි. නමුත් මේ වන විට අප සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් පමණයි. ඉදිරි මාස හය තුළ ඩොලර් බිලියන 8.9ක ඉලක්කයකට යන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපි ඉදිරියේ දී මාසයකට ඩොලර් මිලියන 400ක් පමණ සොයා ගත යුතුයි. ඒක කිසිසේත් කළ නොහැකියි.
- ඔබ මේ ආකාරයෙන් පැවසුවත් පසුගිය දා ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් දක්වා උසස් කළා නේද ?
යම්කිසි රටක ඒක පුද්ගල ආදායම ඩොලර් 4613ක සීමාව පසු කළාට පසුව ඒ රට ඉහළ මැදි ආදායම් උපයන රටක් බවට ලෝක බැංකුව විසින් නම් කරනවා, උසස් කරනවා. මේක හොඳයි, දැන් අපි ලොකු ළමයෙක් කියලා පෙන්වන්න පුළුවන්. නමුත් ලොකු ළමයෙක් වුණා කියලා අපට ලැබෙන දෙයක් නැහැ. විදේශ ණය ගැනීම් ආදියේ දී දැන් අපට ඉහළ පොළියක්, 2%ක පමණ ඉහළ පොළියක් ගෙවිමට සිදුවෙනවා. දැන් ශ්‍රී ලංකාව ණය ගන්න පුළුවන් සහ ණය දෙන්න පුළුවන් රටක් බවට පත් වුණාට ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපේ ආර්ථිකය, ආර්ථික ස්ථායීකරණය සම්බන්ධ විශ්වාසයක් වර්ධනය වෙලා නැහැ. ඒ වගේම දැන් වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් විදේශ ණය වශයෙන් යනවා, ණය ගැනීමේ දී වැඩි පොළී අනුපාතයක් ගෙවීමට සිදුවෙනවා. ඒ වගේම GSP+ වැනි බදු සහන අහිමි වීමට නියමිතව තිබෙනවා.
- ඔබට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස උසස් වීම රටට වාසිදායක ද , අවාසිදායක ද ?
අපි හිටියට වඩා හොඳ තත්ත්වයක සිටිනවා කියලා මේ අනුව පෙන්වන්න පුළුවන්. නමුත් එහි ප්‍රතිවිපාකය යහපත් නැහැ, වාසිදායක නැහැ. 2%ක පොළියට ගත්ත විදේශ ණය දැන් 4%කට ගන්න වෙනවා.
- පසුගිය දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන චෝදනා යළි සාධාරණීකරණය කරනවා. මේ සිදුවීම යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට බලපා හැකි බව විපක්ෂය කියනවා. ඔබට මේ ගැන අදහස් තිබෙනවා ද ?
මේ සිදුවීම හේතුවෙන් GSP+ තීරු බදු සහනයට විශාල බලපෑමක් වෙනවා. මීට පෙර අවස්ථා කිහිපයක දී මෙවැනි සිදුවීම් සිදු වුණා. ඒ අවස්ථාවේ දී රටට බරපතළ දෝෂාරෝපණයක් එල්ල වුණා. මේ සිදුවීම ඊටත් වඩා දරුණු තත්ත්වයක් ලෙස සැලකීමට යුරෝපා සංගමයට සිදු වේවි. මේ සම්බන්ධයෙන් යම්කිසි වාදයකට පැටලීම රටට හානිකරයි කියලා මම හිතනවා.
- වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධිභාරය යළි දීර්ඝ කිරීමේ සූදානමක් ගැන කතාවක් තිබෙනවා. මේ ගැන ඔබ දැනුවත් ද ?
වාහන ආනයන බදු මත යළි 50%ක අධි භාරයක් දැම්මා කියලා වාහන ආනයනය අඩු වෙලා නැහැ. වාහන ආනයනය හරහා රුපියල බාල්දු වීමක් සිදු වෙනවා නම් ඒක හානිකරයි. ඒ නිසා තමයි 293ක පමණ අගයක තිබුණ රුපියල සහ ඩොලරය අතර හුවමාරු අනුපාතය මේ වන විට රුපියල් 341 දක්වා ඉහළ ගිහින් තිබෙන්නේ. රුපියල මේ ආකාරයෙන් අවප්‍රමාණය වීම ඩොලර් බිලියන 39ක් වැනි ඉහළ අගයක පවතින අපේ විදේශ ණයවලට ඍජුව බලපෑමක් කරනවා. මේ හරහා අපේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යනවා. ඒක අති විශාල අගයක්.
- ආණ්ඩුව පසුගිය දා බලහත්කාර ශ්‍රමය මත නිෂ්පාදනය කළ භාණ්ඩ ආනයනය කිරීම තහනම් කළා. මේ ගැන ඔබේ අදහස කුමක් ද ?
ඒක හොඳ තීන්දුවක්.
සටහන – භාතිය බරුකන්ද















