හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටිය දී අද අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙනි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහි අල්ලස් නඩුව අද (16) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අරවින්ද ද සිල්වා මහතාගේ මව මිය ගොස් ඇති අතර ඇයගේ අවමංගල්‍යය අද පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඔවුන්ට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.












