ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (08) දින සවස නිකුත් කරන ලද නිවේදනයක් මඟින් දිස්ත්රික්ක අටක ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට අධික වර්ෂාපතනය හේතුවෙන් 1 වන මට්ටමේ සහ 2 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම් හෙට (නොවැම්බර් 8) රාත්රී 8.00 දක්වා ක්රියාත්මක වේ.
නුවරඑළියේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ සහ මහනුවර උඩුදුම්බර සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
01වන අදිරය (විමසිලිමත්)
- බදුල්ල දිස්ත්රික්කය – මීගහකිවුල ප්රා.ලේ
- කොළඹ දිස්ත්රික්කය – පාදුක්ක ප්රා.ලේ
- ගාල්ල දිස්ත්රික්කය – නාගොඩ, නියාගම, දෙළුව
- කලුතර දිස්ත්රික්කය – මතුගම, අගලවත්ත, බේරුවල
- මහනුවර දිස්ත්රික්කය – තුම්පනේ, උඩු නුවර, මිනිපේ
- කෑගල්ල දිස්ත්රික්කය – කෑගල්ල, මාවනැල්ල, අරණායක, වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය
- මාතර දිස්ත්රික්කය – පස්ගොඩ, පිටබැද්දර
- මොනරාගල දිස්ත්රික්කය – වැල්ලවාය
- රත්නපුර දිස්ත්රික්කය – වැලිගෙපොල, බලංගොඩ, ගොඩකවෙල, කොලොන්න සහ රත්නපුර
- නුවරඑළිය දිස්ත්රික්කය – හඟුරන්කෙත, මතුරට, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර
02 වන අදියර – අවධානය
- කොළඹ දිස්ත්රික්කය – සේදවත්ත
- ගාල්ල දිස්ත්රික්කය – තවලම, ඇල්පිටිය සහ කරන්දෙණිය
- කළුතර දිස්ත්රික්කය – වලල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බුලත්සිංහල
- මහනුවර දිස්ත්රික්කය – උඩු දුම්බර
- කෑගල්ල දිස්ත්රික්ක – දැරණියගල
- නුවරඑළිය දිස්ත්රික්කය – වලපනේ, නිල්දණ්ඩාහින්න
- රත්නපුර දිස්ත්රික්කය – ඇහැළියගොඩ, ඇලපාත, අයගම










