මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සහ දෘශ්‍යතාව අඩු වීම හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන විට ප්‍රධාන ලාම්පු දල්වා තබා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය අවධාරණය කළේ අනෙකුත් වාහනවලින් ආරක්ෂිත දුරක් පවත්වා ගන්නා ලෙසත් අධිවේගී මාර්ගවල විද්‍යුත් සංඥා පුවරුවල ප්‍රදර්ශනය කර ඇති උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසයි.












