අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 07ක් අවලංගු කරයි

අද (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හයක් සහ අතිරේක සේවාවක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව – කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය – මඩකලපුව අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය දෙකට ම මෙම අවලංගු කිරීම් බලපාන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර රාත්‍රී 11.00 ට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website