රජය සහ විපක්ෂය මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේය.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගින් දිගිටම ඉදිරියට ගෙන යාමට මැතිවරණ ප්‍රතිසංස්කරණ කොමිෂම අඛණ්ඩ උත්සාහයක නිරතව සිටින බව ද ඔහු පැවසුවේය.
මැතිවරණ ප්‍රතිසංස්කරණ කිහිපයක් සඳහා පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව කී රත්නායක මහතා මේ සම්බන්ධ යෝජනා 15කට වැඩි ප්‍රමාණයක් දැනට වෙනම මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් එවා විධිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම නතර කිරීම මැතිවරණ කොමිෂම විසින් ඉදිරිපත් කළ යෝජනාවක් බව කී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මෑතකදී, කැබිනට් මණ්ඩලය විසින් එය වෙන වෙනම අනුමත කරන ලද බව ද පැවසුවේය.
මැතිවරණ කොමිෂමේ නව ප්‍රතිසංස්කරණ යෝජනා අතර විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීම හඳුන්වා දීම සහ විදේශීය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැපයීම ප්‍රධාන ඒවා වේ.
“මෙම ප්‍රතිසංස්කරණ මේ වන විට වෙන වෙනම ඉදිරියට යමින් තිබෙනවා. ඒ නිසා අපි ඒවා පැකේජයක් ලෙස අනුමත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා” මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.














