ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ මිග් ප්‍රහාරක ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරාගෙන් ඊයේ (15) මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
මෙම විමර්ශනයේ කොටසක් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් නිකුත් කරන ලද සිතාසියකට අනුව හිටපු ගුවන් හමුදාපතිවරයා FCID හමුවේ පෙනී සිට ඇත.















