දුම්රිය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා සංකේත වැඩ වර්ජනයක් කැඳවයි

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කඩිනමින් ඉවත් කිරීම ඇතුළු දුම්රිය ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වෘත්තීය සමිති හෙට (17) සහ අනිද්දා යන දිනවල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම-කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය.

ප්‍රවාහ අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේ දී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කඩිනමින් ඉවත් කිරීම ගැන මූලික අවධානය යොමු කළ බව කී චාමර ජයසේකර ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට එළඹ නොමැති බැවින් සැලසුම් කළ වැඩ වර්ජනය ඉවත් කර ගැනීමට හෝ වෙනස් නොකිරීමට වෘත්තීය සමිති තීරණය කර කළ බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website