කොළඹ හතේ දේපොළකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර මුදල් වංචා කළ 73 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්‍යාජ ඔප්පුවක් සකස්කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව 2026.09.16 වන දින කළුතර නගරයේදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 73ක් වන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් මෙම ව්‍යාජ ලේඛන අධිකරණ කටයුතු සඳහා ද ඉදිරිපත් කර ඇති අතර, රුපියල් 10,000,000/-ට (රුපියල් කෝටියකට) ආසන්න දේපළ විකුණා මුදල් වංචා කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website