ඉන්ධන මිල ගණන් වල හෙට දවස ගැන බලශක්ති ඇමැතිගෙන් ඉඟියක්

මෙම මාසය අවසානයේ දී ඉන්ධන මිල ගණන් නැවත වරක් ගණනය කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව කී බලශක්ති අමාත්‍යවරයා, ලෝක වෙළෙඳපොළ මට්ටමට වඩා අඩු මිලකට දේශීයව ඉන්ධන අලෙවි කරන බව ද කීවේය.

“මෙවැනි අවාසිදායක තත්වයන් යටතේ තව දුරටත් ඉදිරියට යා නොහැකි බවට පෞද්ගලික බෙදාහරින්නන් නැවත නැවතත් අනතුරු අඟවා තිබෙනවා. මෙම තත්ත්වය විසඳීම සඳහා රජය පියවර කිහිපයක් සලකා බලමින් සිටිනවා” අමාත්‍යවරයා වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කළේය.

“ගෝලීය මිල ගණන් ඉහළ යාමෙන් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම සඳහා රජය අප්‍රේල් සහ මැයි මාසවලදී සිදු කළ පරිදි සහන ලබා දීම එක් විකල්පයක්‍. තවත් විකල්පයක් වන්නේ ඉන්ධන සමාගම් සඳහා අවම සහ උපරිම මිල පරාසයක් නියම කිරීම, එම පරාසය තුළ ඔවුන්ට විකිණීමට ඉඩ දීමයි. අපි මේ සියල්ල සලකා බලා තීරණයක් ගන්නවා. ඉන්ධන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා මෙන්ම පෞද්ගලික සමාගම්වල දුක්ගැනවිලි ද සැලකිල්ලට ගන්නවා,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website