සිලි සිලි” බෑග් නොමිලේ ලබාදිය හැකිද ?: ව්‍යාපාරික ඔබ සහ පාරිභෝගික ඔබ දැන ගත යුතුම නීතිය

2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 95 අනුව, භාණ්ඩ අලෙවි කරන අවස්ථාවේදී පාරිභෝගිකයා මිලදී ගත් භාණ්ඩ රැගෙන යාම සඳහා ලබාදෙන අඩු ඝනත්ව පොලිඑතිලින් (LDPE) හෝ රේඛීය අඩු ඝනත්ව පොලිඑතිලින් (LLDPE) වලින් නිෂ්පාදිත, සාමාන්‍යයෙන් “සිලි සිලි” බෑග් ලෙස හඳුන්වන බෑග් වෙළෙන්දෙකු විසින් පාරිභෝගිකයාට නොමිලේ ලබාදිය නොහැක. මෙම විධානය 2025 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වේ.

එවැනි බෑගයක් පාරිභෝගිකයාට ලබාදෙන්නේ නම්, බෑගය සඳහා මිලක් අය කළ යුතු අතර, එම මිල වෙළෙඳ ස්ථානයේ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතුය. එමෙන්ම බෑගය සඳහා අය කළ මුදල පාරිභෝගිකයාට නිකුත් කරන බිල්පතෙහි සඳහන් කළ යුතුය.

වෙළෙඳ ප්‍රජාවට

“සිලි සිලි” බෑග් නොමිලේ ලබා නොදෙන්න. බෑගය සඳහා අය කරන මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කර, අය කළ මුදල බිල්පතෙහි සඳහන් කිරීමට වගබලා ගන්න. එමෙන්ම ඔබ ලබාගන්නා බෑග් සම්බන්ධ මිලදී ගැනීමේ බිල්පත්, ඉන්වොයිසි සහ සැපයුම් තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටද අවධානය යොමු කරන්න.

පාරිභෝගිකයින්ට‍

“සිලි සිලි” බෑගයක් සඳහා මුදලක් අය කරන්නේ නම්, එම මිල වෙළෙඳ ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබේද සහ ඔබගෙන් අය කළ මුදල ඔබට නිකුත් කළ බිල්පතෙහි සඳහන් කර තිබේද යන්න පරීක්ෂා කරන්න.

හැකි සෑම අවස්ථාවකම නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙන යාමට පුරුදු වෙමු. එමගින් අනවශ්‍ය පොලිඑතිලින් භාවිතය අවම කිරීමට අප සැමට දායක විය හැකිය.

විධාන අංක 95 උල්ලංඝනය කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය නිල ෆේස්බුක් ගිනුමේ ප්‍රකාශයට පත් කළ ලිපියක සම්පූර්ණ උපුටා ගැනීමකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website