කොටහේන පොලිස් වසමේ කොටහේන නගරයේදී ඊයේ (14) රාත්‍රී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කොටහේන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 18 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















