ජීවිතාරක්ෂක පුහුණුව ලැබූ තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිර යයි

2026.05.19 වන දින සිට 2026.07.17 වන දින දක්වා පොලිස් නාවික කොට්ඨාසය විසින් පවත්වන ජිවිතාරක්ෂක අතරමැදි පාඨමාලාව හැදෑරූ පොලිස් නිලධාරීන් 75 දෙනෙකු අතරින් පොලිස් නිලධාරිනියන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරයන් 66 දෙනෙකු, සාර්ථකව පාඨමාලාව අවසන්කර අතිදක්ෂ ජිවිතාරක්ෂකයින් ලෙස විසිරයන ලදී.

විසිරයාමේ සංදර්ශනාත්මක අවස්ථාව නාරාහේන්පිට පොලිස් ක්‍රීඩා සංකිරණයේදී පොලිස් නාවික කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් 2026.07.17 වන දින උදෑසන පැවැත්වුනි.

පාඨමාලාලාභී නිලධාරීන් හට පාඨමාලා කාලය තුළ පිහිනුම් හැකියාව , නොකඩවා කිලෝමීටර් 3 පිහිනීමේ හැකියාව , ජලයේ ගිලෙන පුද්ගලයන් හදුනා ගැනිමේ හැකියාව, ජලයේ ගිලෙන අයෙකු බේරා ගැනිමේ හැකියාව, ප්‍රථමාධාර ලබාදීමීමේ හැකියාව, සරිපයන් හා සර්ප දෂ්ටන ප්‍රථමාධාර ලබාදීමේ හැකියාව, රළු මුහුදක පිහිනිම හා ජිවිත බේරාගැනිමේ හැකියාව, ඟංගාවල පිහිනිම හා ජිවිත බේරාගැනීමේ හැකියාව, හදිසි ඟංවතුර ආපදා අවස්ථාවලදී ගලවා ගැනිමේ හැකියාව, උස් ස්ථානයක සිට ජලයට පැන ජිවිත බේරාගැනිමේ විධික්‍රම හා ජලය යට කිමිද ජිවිත හා දේපළ බේරාගැනිමේ හැකියාව, ගිනි නිවිම හා ගලවාගැනිමේ හැකියාව සහ යාත්‍රා පැදවීමේ හැකියාව වැනි දක්ෂතාවයන් පිළිබඳ විශේෂඥ දැනුම ප්‍රවීණ උපදේශක මණ්ඩලයක් විසින් ලබදෙන ලදී.

පාඨමාලාවේ පුහුණුකටයුතු සඳහා නාරාහේන්පිට පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණය, ගල්කිස්ස මුහුදු තීරය, වරාය නගරය මුහුදු තීරය (port city) , කැළණි ඟග, දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය, හික්කඩු මුහුදු තීරය, ගිං ඟග ආශ්‍රිතව භාවිතා කළ අතර එවැනි අත්දැකීම් සමඟ මෙම නිලධාරීන් කණ්ඩායම ඉදිරියේදී දිවයින පුරා ජලාශ්‍රිත ස්ථානවල හා මුහුදු තීරයට අනුයුක්තව ජල අනතුරට පත්වන මෙරට ජනතාවගේ හා විදේශිය සංචාරකයින්ගේ ජීවිත බේරාගැනීම සඳහා ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website