ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට ස්ථාන මාරුවක්

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ලෙස මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසුවේය.

 නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මහේෂ් සේනාරත්න මහතා පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website