මීගමුව බන්ධනාගාර ප්‍රහාරයේ දී තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලේ දී මරුට

පසුගිය දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ජාතික රෝහල් පොලිසිය පැවසුවේය.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඊයේ (13) සහ අද (14) අලුයම ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවත්, මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා අවුරුදු 25 සහ 39 වයස්වල පසුවන බවත් පොලිසිය පැවසීය.

තුවාල ලැබූ තවත් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website