පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසියේ නමින්, වේග සීමා උල්ලංඝනය කිරීම් වෙනුවෙන් දඩ මුදල් ගෙවන ලෙස පවසමින් ව්‍යාජ කෙටි පණිවිඩ මහජනතාව වෙත ලැබෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත.
වංචාකරුවන් විසින් රජයේ නිල GovPay වෙබ් අඩවියට බෙහෙවින් සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මහජනතාව මුලා කිරීමට උත්සාහ කරනු ලබයි.
ශ්‍රී ලංකා රජයේ නිල GovPay වෙබ් අඩවියේ නිවැරදි ලිපිනය වන්නේ govpay.lk හෝ govpay.lk/en/ යන්නයි. එය සැමවිටම රජයේ නිල .gov.lk ඩොමේන් නාමයෙන් අවසන් වේ. වංචාකරුවන් විසින් එවනු ලබන Links වල 998809.help/govpay/lk වැනි සම්පූර්ණයෙන්ම වෙනස් සහ සැකකටයුතු ලිපින අඩංගු වේ.
කෙටි පණිවිඩ මගින් ලැබෙන ඕනෑම Link එකකට යාමට පෙර, මොහොතක් නතර වී එහි විශ්වාසනීයත්වය සහ URL ලිපිනය හොඳින් පරීක්ෂා කර බලන්න. ඔබේ බැංකු තොරතුරු හෝ මුදල් වංචාකරුවන්ට නතු වීමට ඉඩ නොදෙන්න!















