කඩවත පොලිස් වසමට අයත් ඉහළ බියන්විල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී කාලයේදී සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 54 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වී ඇත. මියගිය පුද්ගලයා තම සහෝදරයාගේ උපන්දින සාදයකට සහභාගි වී සිට ඇති අතර, එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම දරුණු කැපුම් කෙටුම් කිරීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සාදයේදී ඇති වූ ආරවුලක් මත පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී කඩවත ප්‍රදේශයේම පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ කඩවත පොලිසිය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, පළා ගොස් ඇති අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.















