වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායම් 02 ක් ඊයේ (30) දහවල් පානදුර දකුණ පොලිස් වසමේ කෙලින් වීදිය ප්‍රදේශයේදී හා මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර දකුණ පොලිස් වසමේදී පොලිස් භාරයටගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 517 මිලිග්‍රෑම් 400ක් වන අතර මොරටුවැල්ල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් ග්‍රෑම් 107 මිලිග්‍රෑම් 48කි.
මොරටුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 2,561,100/= (විසිපන්ලක්ෂ හැටඑක්දහස් එකසීයයක්) ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා අවුරුදු 32 හා 53 වයසේ පසුවන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මේ අතර කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (30) කොල්ලුපිටිය පොලිස් වසමේ නෙල්සන් පටුමග ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 298 ක්, හෙරොයින් ග්‍රෑම් 104ක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 40 ක් වන කොළඹ 03 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැටලීම එම කාර්යංශය විසින් එදින කොළඹ 02, විතානගේ පාර ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාකිරීමෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශන අනුව ලබාගත් ප්‍රතිඵලයකි.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගෙන, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
මේ අතර නෙදුන්කේනි පොලිස් ස්ථානයේ නිලධාරින් ඊයේ (30) දින රාත්‍රියේ පෙරියකුලම හන්දිය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 78 ක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ස්ථානාධිපතිවරයා වෙත ලද බුද්ධි තොරතුරක් මත අනුව මාර්ග බාදකයක් යොදා අදාළ රථය නවත්වා පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම ගංජා තොගය සොයාගැනීමට හැකිවී තිබේ.
සැකකරු අවුරුදු 31 ක් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නෙදුන්කේණි පොලිස් ස්ථානය විසින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.
















