Mr. Kottu අවන්හල් ජාලයේ හිමිකරු විරාජ් වික්‍රමනායක ශරීර ඇප මත මුදා හරී

තම ආයතනයේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (30) මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් Mr. Kottu අවන්හල් ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැර ඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පළ කළ නිවේදනය පහත දැක්වේ.

ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් හිමි පුද්ගලයෙකුට එරෙහිව පහරදීමේ චෝදනාවක් යට‌තේ ලද පැමිණිල්ලක් අනුව මහරගම පොලිස් ස්ථානය විසින් විමර්ශන පවත්වන ලදී.

සැකකාර අවන්හල් හිමිකරු 2026.06.30 වන දින නීතිඥ‌යින් මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානයට භාරවී ඇති අතර සැකකරු එහිදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත.

ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත සැකකරු ඇප මත මුදා හැර ඇත. 2026.10.14 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතය.

මහරගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website