පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ විෂ මත්ද්‍රව්‍ය තොගයක් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ නඩු කටයුතු අවසන් වූ දිවයිනේ විවිධ අධිකරණ මඟින් විනාශ කිරීමට නියෝග කරන ලද මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (27) උදෑසන පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුනේ දහනය කරන ලදී.
දහනය කරන ලද විෂ මත්ද්‍රව්‍ය තොගය පහත පරදි වේ.
- අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14 ග්‍රෑම් 97
- කුෂ් කිලෝග්‍රෑම් 39 ග්‍රෑම් 710
- හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 02
- ගංජා සහ හෂීෂ් කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 139
- මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝගෑම් 01 ග්‍රෑම් 200
- කොකේන් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 30
- මත්පෙති 26,262
මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම මීගමුව ගරු අතිරේක මහේස්ත්‍රාත්තුමිය, රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රස පරික්ෂකතුමා, අන්තරායදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂතුමා හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂතුමාගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.















