ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “ජාතික බාලදක්ෂ පොසොන් කලාපය” 2026.06.28,29 යන දෙදින සවස 06.00 සිට පසුදින අළුයම 01.00 දක්වා ලේක්හවුස් වටරවුම (රීගල් හන්දිය) සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ මාර්ගය දෙපස (මීටර් 500ක් පමණ) ප්‍රදේශය ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව පහත සඳහන් ස්ථානවල අවස්ථානුකුලව රථවාහන සීමා කිරීම් හා මාර්ග පාලන කටයුතු සිදු කිරීමට නියමිතය.
රථවාහන සීමා කරන ස්ථාන
- රීගල් හන්දියෙන් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතට ඇතුල් වීම.
- ජස්ටිස් අක්බාර් මාවත – මැලේ වීදිය හන්දියෙන් මැලේ වීදියට ඇතුල්වීම.
- බාලදක්ෂ මාවතෙන් කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම දෙසට ඇතුල්වීම.
විකල්ප මාර්ග
- රීගල් හන්දිය දෙසින් පැමිණෙන වාහන ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ ගාමිණී වටරවුම දෙසට සහ සෙරමික් හන්දිය – ලෝටස් පාර ඔස්සේ එන්.එස්.ඒ. වටරවුම දෙසට යොමු කරනු ඇත.
- ජස්ටිස් අක්බාර් මාවත දෙසින් පැමිණෙන වාහන මැලේවීදිය ගුවන් පාලම, අලියා නාන වටරවුම ඔස්සේ බාලදක්ෂ මාවත දෙසට යොමු කරනු ඇත.
- බාලදක්ෂ මාවත කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම අසලින් පැමිණෙන වාහන එන්.එස්.ඒ. වටරවුම හා අලියා නාන වටරවුම දෙසට යොමු කරනු ඇත.
රථ ගාල් සඳහා වෙන් කර ඇති ස්ථාන –
- ඩී.ආර්. විජේවර්ධන මාවත රථ නැවතුම් පල
- කුමරන්රත්නම් පාර
- කිව් පාර
- වොක්ෂෝල්වීදිය
- පැරණි එම්.ඕ.ඩී. භූමිය
- ෂැන්ග්‍රීලා අසල භූමිය
- යුනියන් පෙදෙස ඇක්සස් ටවර්
- ලේක්හවුස් ඉදිරිපිට රථගාල
- පැරණි මැනිං වෙළඳපල රථගාල
- චාමස් රථගාල













