ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

රුපියල් 5000ක මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

රු.5,000/- ක (රුපියල් පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අත්අඩංගුවට

පැමිණිලිකරු සේවය කරන තීන්ත අලෙවි කරන ආයතනයේ වෙළඳ දැන්වීම් පුවරුව ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සමාගම(හාඩ්වෙයාර්)ක ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ගාල්ල මහනගර සභාවට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර දීම සඳහා ගෙවීමට ඇති මුදල් සටහන් කර දෙනු ලබන ලේඛණය ලබා දීම වෙනුවෙන් තුටු පඬුරක් ලෙස රු.5,000/- ක (රුපියල් පන්දහසක) මුදලක් දෙවන සැකකරු මඟින් භාර ගැනීමේ අල්ලස් චෝදනාව මත පළමු සැකකරු වන ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු වන අහංගම විතානගේ පුණ්‍යලාල් ජයම්පති යන අය සහ එකී අල්ලස් මුදල පළමු සැකකරුගේ දැනුම් දීම පරිදි ඉල්ලා භාර ගැනීම යන චෝදනාව මත දෙවන සැකකරු වන ගාල්ල මහ නගර සභාවේ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු වන හියාරේ ගමගේ යන අයවලුන් 2026.06.26 දින පෙ.ව 8.50ට ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක අංශය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website