මුල් ළමාවිය අධ්‍යාපනය රටේ පුළුල් අධ්‍යාපන ක්‍රමයට අනුකූලව ක්‍රියාත්මක විය යුතුයි – සරෝජා  පෝල්රාජ්

පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය වැඩි දියුණුකිරීමට භෞතික පරිසරයේ ගුණාත්මකභාවය මෙන්ම නව දැනුම සහ අධ්‍යාපන ක්‍රමවේද සම ගුරුවරයා යාවත් කාලීන වීමත් අත්‍යළුහ්‍ය බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

ඒ වෙනුවෙන් 2027 වන විට පළාත් නවය පුරාම තනි, ප්‍රමිතිගත පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරිය පැවසුවාය.

මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

මුල් ළමාවිය අධ්‍යාපනය රටේ පුළුල් අධ්‍යාපන ක්‍රමයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය පෝල්රාජ් අවධාරණය කළ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය ද එහි සංවර්ධනය හා අධීක්ෂණය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය දැනට බොහෝ දුරට නියාමනයකින් තොරව පවතින බවත්, තවමත් රාජ්‍ය සේවාවක් ලෙස විධිමත් ලෙස ස්ථාපිත කර නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.

පෙර පාසල් ගුරුවරුන් සඳහා ව්‍යුහගත බඳවා ගැනීමේ ක්‍රියාවලියක් නොමැතිකම මෙන්ම එය අධීක්ෂණය කිරීම සහ නියාමනය කිරීම සඳහා වගකිව යුතු කැපවූ අධිකාරියක් හෝ අමාත්‍යාංශයක් නොමැතිකම ගැන ද අමාත්‍යවරිය සිය කණස්සල්ල පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website