
වී ගොවීන්ගෙන් 90%කට 2026 යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබා දී ඇති බවත් ඉතිරි ගොවීන්ට ද කඩිනමින් අදාළ සහනාධාර ලබා දෙන බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේය.
රජය විසින් ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 5000 කින් වැඩි කර ඇති බව පෙන්වා දුන් රණතුංග මහතා ඒ අනුව හෙක්ටයාරයකට පොහොර සහනාධාරය වශයෙන් රුපියල් 30,000ක් ලබා දෙන බව ද පැවසුවේය.
















