වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ (කුරුණෑගල දිස්ත්‍රික්කය) ක්ෂේත්‍ර නිලධාරින් සඳහා යතුරුපැදි බෙදාදීම ඊයේ (27) වයඹ පළාත් සභා සංකීර්ණයේ ලිච්ඡවි ශාලාවේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
යතුරු පැදි 12ක් මෙහිදී ක්ෂේත්‍ර නිලධාරින් වෙත ප්‍රදානය කළ අතර ඉදිරියේ දි කැබ් රථ 10ක් ද වනජීවී දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට නියමිතය.
වයඹ පළාතේ කිලෝමීටර් 442.95කට ආසන්න අලි වැට පද්ධතිය නිරීක්ෂණය කිරීම, නඩත්තු කිරීම සහ එහි ආරක්ෂාව තහවුරු කිරීම මෙම යතුරුපැදි ලබාදීමේ අරමුණ වේ.
අලි–මිනිස් ගැටුම අවම කිරීමේදී අලි වැට නිසි පරිදි නඩත්තු කිරීම සහ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා රාජකාරියේ නිරත වන නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ද එම වැඩපිළිවෙළේ වැදගත් කොටසකි.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහකාර අධ්‍යක්ෂ (වයඹ) ප්‍රසන්ත විමලදාස යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















