මුදල් විශුද්ධිකරණය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පතේ 17 සහ 18 ඡේදවල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් විශේෂ බහුතරයකින් (තුනෙන් දෙකක බහුතරයකින්) අනුමත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායක ජගත් වික්‍රමරත්න අද (09) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
කෙසේ වෙතත්, අධිකරණය විසින් නිර්දේශ කරන ලද සංශෝධන සිදු කළහොත්, එම වගන්ති සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ඔහු පැවසීය.
















