ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් සිටිය දී කුලී පදනම මත මණ්ඩලය සඳහා වාහන මිලදී ගැනීමේ දී රජයට පාඩුවක් සිදු කළ බවට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ අද (09) වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.
මෙම සිර දඬුවමට අමතරව රුපියල් මිලියන 1.8ක දඩයක් ගෙවන ලෙස ද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා සරණ ගුණවර්ධන මහතාට නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.
චෝදනා හතරටම විත්තිකරු වැරදිකරු තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, එක් එක් චෝදනාව සඳහා වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර දඬුවම් එකවර ක්‍රියාත්මක වන බවට ද නියෝග කළේය.
















