නොරොච්චෝලය පොලිස් වසමේ දලුව මෝය කට ආසන්නයේ දිය නාමින් සිටි තරණියන් දෙදෙනෙකු හා පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට ඊයේ (06) දින නොරොච්චෝලය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 25 ක් සහ මරණකාරියන් දෙදෙනා අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
මෘත ශරීර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නොරොච්චෝලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















